Sunday, November 8, 2015

2015-08-15 (Marketing & Booean methode)


WELCOME TO MY PORTFOLIO





Diploma In Information Literacy and Information & Communication Technolagy 


01අන්තර්ගතය-අලෙවිකරණය සහ බූලියන් තර්කනය

02පූර්ව දැනුම-පාසලේ දි වානිජ විෂය යටතේ අලෙවිකරණය පිළිබදව හදාරා තිබුන නමුත් බූලියන් තර්කනය පිළිබදව හදාරා නොතිබුනි

03 නව දැනුම-

අලෙවිකරණය යන විෂය මෑතක් වන තුරුම  ආර්ථික විද්‍යාව වානිජ ව්‍යාපාර අධ්‍යනය ගණකාධිකරනය සහ බැංකු ක්‍රම යන ක්‍රේෂ්ත්‍ර වලට අයත් විෂයක් ලෙස සැලකුවද වර්තමානයේදි සමාජ අවශ්‍යතා අනුව අලෙවිකරණය සෑම විෂය ක්‍රේෂ්ත්‍රයකටම ව්‍යාප්තවි ඇත

අලෙවිකරණය පිළිබද ඉතිහාසයේදි අප්‍රිකානු සහ පෙරදිග රටවල භාණ්ඩ හුවමාරුව (BARTAR SYSTEM) දෙපාර්ශවයේම එකග අතිව සිදු කිරිම ආරම්භයයි පැරණි කෘෂිකාර්මික සමාජයේ කෘෂි උපකරන සතුන් හා සේවා හුවමාරුව පැහැදිලිව දක්නට ලැබේ සන්නිවේදනය වර්ධනය වීමත් සමග වර්තමාන සමාජය විග්‍රහ කරන සමාජ විද්‍යාඥයන් වර්තමාන සමාජය තුල කැපීපෙනෙන ලක්ෂණ 03 ක් විමසුමට ලක් කර ඇත

01නිදහසේ බාධාවකින් තොරව තොරතුරු හුවමාරුවිම
    (Free flow of informationn)

02දැනුවත් සමාජයක් 
   (Informed sosity)

02දෘෂ්‍ය සමාජය
   (visual sosity)




එම කරුනු අතරින් දැනුවත් සමාජයක් පිළිබදව UNESCO සංකල්පය තවදුරටත් කරුනු 04 ක් යටතේ සාරංශ ගත කර ඇත ඒවානම් 

01 නව දැනුම උත්පාදනය වීම
(creation of new knowelegw)
02 නව දැනුම භාවිත කිරිම
(utilization of new knowelege)
03 නව දැනුම සංරක්ෂණය  කිරිම
(preservation of new knowelegw)
04 නව දැනුම සමුද්‍රණය කිරිම
(dissemination of new knowelege)


කලමණාකරන සහ අලෙවිකරන ක්‍රේෂ්ත්‍රයේ විෂය ප්‍රවීණයකුවු  Peter Drucker ලාභ උපරිමයත් අවම අලාභයත් යන ආර්ථික කරුනු අලෙවිකරනයේ ප්‍රධාන ලක්ෂණ ලෙසටත් එහිදී සේවා ලාභියාට ප්‍රමුඛත්වය දී 
අලෙවිකරන ක්‍රියාවලියෙ ප්‍රධාන පුරුක බවට පත් කිරිම අත්‍යවශ්‍ය බවට සදහන් කර ඇත අලෙවිකරනය කුමක්ද යන්න පිළිබදව කරුනු දැක්වී‍‍ම‍ෙදි එය ප්‍රායෝගික සහ  න්‍යායාත්මක වශයෙන්ද අධ්‍යනය කාර්යකදි බලසම්පන්න සජිවි කරනයෙන් යුතු අංශයක් ලෙසටද ආයතනයක හෝ සංවිධානයක මූලික අරමුණු සපුරා ගැනිම යන කරුනු 03 න් සමන්විතය




අලෙවිකරනය පිළිබදව විමසිමේදි පරිගනක තාක්ෂණය සන්නිවේදනය තොරතුරු  තාක්ෂණය යන ක්‍රේෂ්ත්‍ර 
කරාද ව්‍යාප්තවී ඇති අතර ඒ තුලින් නිර්මාණය වී ඇති බහු ජාතික සමාගම් විසින් මෘදුකාංග නිශ්පාදනය  පරිගනක පද්ධති මෙහෙයුම් ක්‍රියාවලි වෙනස් කිරිම සන්නිවේදනයේ නව මං ගවේශණය නිසා අලෙවිකරනය
ලාභ උපරිමය යටතේ තොරතුරු  තාක්ෂණයට බෙහෙවින් බලපා ඇත මැතකදි ඇමරිකාවෙ ජාත්‍යන්තර අලෙවිනරන සංවිධානය විසින් කරන ලද සමික්ශණයකට අනුව ලෝකයේ ප්‍රධාන පෙල ව්‍යාපාර 10 අතරට පරිගනක බහු ජාතික සමාගම් 04 ක් පළමු ස්ථානයේ සිටින බවට හෙලිවී ඇත


අලෙවිකරනය පහත සදහන් මුලික කරුනු කිහිපයකින් සමන්විතයි එම ක්‍රියාවලියේ කොටස් 06 කින් සමන්විතයි 

01සැලසුම් කරනය
(Planing)
02නව අදහස් නිර්මාණය සහ ක්‍රියාත්මක කිරිම

03මිල කරනය

04ප්‍රචාරනය සහ බෙදා හැරිම

05පුද්ගලික  ආයතනික අරමුනු මුදුන් පමුනවා ගැණිම


අලෙවිකරනය තුලින් ආයතනය සහ පුද්ගලික අරමුනු සපුරා ගැනිමට විධිමත් යාන්ත්‍රණයක් සම්පාදනය කර ගැනිමත් එය අඛන්ඩව නිරතුරු අධික්ෂණයට භාජනය කිරිමත් අත්‍යවශ්‍යය මෙ පිළිබදව ජපානයේ අදටත් භාවත වන අලෙවිකරන සංකල්පයන් විසා බැලිම වැදගත්ය අලෙවිකරනයේදි ජපන් කලමනාකාරිත්වය විසින් ප්‍රධාන සංකල්ප 02ක් හදුන්වා දි අ‍ැත

01Just in time
ජපන් මෝටර් රථ නිශ්පාදකයන් විසින් නවතම මෝටර් රථයක් නිශ්පාදනය ක‍ිරිමට පෙර එම රටේ දේශිය වෙළදපොලට සහ විදේශිය වෙළදපොලට සදහා අවශ්‍ය ප්‍රමාණයන් ගනණය කර ඒ අනුව අමතරකොටස් නිශ්පාදනය ක‍ිරිම අතිරිත්තයනින් තොරව එම ප්‍රමාණයට සරිලන ලෙස නිශ්පාදන කටයුතු කෙරේ




එමෙන්ම අලෙවිකරනයේදි ජපානය තුල ක්‍රියාත්මක වන තවත් සංකල්පයක් වනුයේ SMART යන්නයි


ඉන්දියානු පුස්ථකාල ව්‍යාපාරයේ පියා වශයෙන් සැලෙකෙන ආචාරය රංගනාදන් විසින් තොරතුරු ලබාදිම පහත සදහන් අයුරින් විග්‍රහ කර ඇත






The Provision of right imformation to right person at aright time


යන ආකාරයෙන් නිවරැදි තොරතුරු නිවරැදි පුද්ගලයාට නොවරදවා නිවරැදි වෙලාවට ලබාදිම අවධාරනය කර අැත



අලෙවිකරනයේදි  තවත් සැලකිය යුතු  අංශයක් වනුයේ අනාගත අවශ්‍යතාවයන් උපකල්පනය නිරිමයි 

අලෙවිකරනය පිළිබද නිර්වචන හා අරථකතන ගණනාවක් ඇති අතර සමස්ථයක් වශයෙන් සියලුම නිර්වචන  
සලකාබලා පහත සදන් නිර්වචනය ජාත්‍යන්තර සංවධාන විසින් පිලිගෙන ඇත ඒ අනුව අලෙවිකරනය යනු ක්‍රියාවලියක් වශ‍යෙන් නිශ්පාදනය ප්‍රචාරනය  හා බෙදා හැරිම තුලින් ලාරිබොගික සබදතා පැවැත්විම යනුවෙන් දක්වා ඇත එය පහත සදහන් කරුනු 03 මගින් තවදුරටත් දක්වා අත

01ආයතනික සම්පත්

02එම සම්පත් වෙළදපොල තත්වයට ගැලපීම

03ආයතනයේ අරමුණු පරමාර්ථ අනුව පාරිභෝගික තෘප්තිය ලබා දිමට

කලයුතු ක්‍රියාකාරකම් ඇතුලත් සමස්ථ ක්‍රියාවලියක් බවට හදුනාගන ඇත එම ක්‍රියාවලියේදි පාරිභෝගිකයා විසින් නගනු ලබන ප්‍රශ්න පිළිබදව අවබෝධයක් ලබාගත යුතුය




01පාරිභෝගිකයාට ස්වකිය අවශ්‍යතාවයන් නිශ්චිත වශයෙන් තීරණය කිරිමට හැකියාවක් තිබේද?

02තමාට අවශ්‍ය භාණ්ඩ සහ සේවාව පිළිබද මූලික පූර්ව දැනුමක් තිබීම

03වෙනස්වන තත්වයන්ට ගැලෙපෙන නම්‍යශීලි බවකින් වෙනස හදුනා ගැණිම

04පිලිගත් සමාජ සම්මුතින් වලට බැදි තිබිම

05පාරිභෝගික සේවා සැපයිමේදි එම සේවාව හෝ භාණ්ඩය පාරිසරික සංඝටකය සැලකිල්ලටගෙන පරිසර හිතකාමි විදියට සකස්කර තිබේද එසේ නැතහොත් බලපෑම උඩ මිලදි ගැණිමක්ද සලකා බැලිම

06දැන්විම් ස ප්‍රචාරනය තුලින් නොමග යාම සහ උදහසට ලක් විම

07අත්‍යවශ්‍ය භාණ්ඩ සහ සේවාවන් තිබිම

08අතරමැදියන් විසින් මිල වැඩිකිරිම භාණ්ඩයක ගුණාත්මක භාවයෙන් අඩු භාණ්ඩ ලබාදිම

09අනවබොධය නිසා අලෙවිකරන කූට උප්‍රක්‍රම හේතුවෙන් නුසුුදුසු භාණ්ඩ හා සේවා වලට පාරිභෝගිකයා පෙළඹිම



BOOLEAN LOGIC OPERATORES

What is the BOOLAN LOGIC OPERATOERS

බූලියන් තර්කනය තුලින් අන්තර්ජාල තොරතුරු ගවේශණය කිරිම ඉංග්‍රිසි ජාතික ජෝර්ජ් බුල් විසින් 19 වන ශතවර්ෂය අග බාගයේ හදුන්වාදෙනු ලැබිය අන්තර්ජාලයේ ඇති දුරස්ථ ඈදුතු පරිගණක දත්ත පදනම් වල තොරතුරු සොයා ගැනිමට පහසු වන පරිදි මෙම ක්‍රමය හදුන්වාදෙනු ලැබිය අනවශ්‍ය ලේකන වලින් තොරව අවශ්‍යම ලේකන වලට යොමු කිරිම මෙහි පරමාර්ථයයි


බූලියන් තර්කනය ප්‍රධාන කොටස් 03 කි

AND     OR      NOT



AND
ගවේශණය පුලුල් පාරාසයකින් පටු පරාසයකට යොමුවේ එමගින් සංකල්ප දෙකම හෝ ප්‍රධාන නියත පද නිශ්චිතව දැකිම සිදුවෙයි 

OR
OR  යන වචනය යෙදිමෙන් ගවේශණය පුලුල් විමකට මග පාදයි මෙම වචනය යෙදිමෙන් අපේ ප්‍රධාන නියමු පදය පමණක් ලබාදෙන අතර සංකල්ප දෙකම සම්බන්ධ විමක් සිදුනොවේ OR යන වචනය වැඩිපුර යොදා  වචන ගවේශණය කිරිමෙන් වැඩි සංකල්ප හෝ වචන රාශියක් අපට ලබා ගත හැක එමෙන්ම සමාන වචන හෝ වාක්‍ය ඛණ්ඩ යෙදිම සිදුවේ


NOT
NOT  යන වචනය යෙදිමෙන් අපේ ගවේශණය සිමාවේ එමගින් සිදුවනුයේ සම්බන්ධතාවයක් නොමැති තොරතුරු ඉවත්විමත් සම්බන්ධතාවයෙන් යුත් ඒවා ඇතුලත්විමයි ප්‍රතිඵලය වනුයේ ගවේශණ ප්‍රතිඵල ස්වල්පයක් බවට පත් විමයි 


ADVANCED BOOLEAN SEARCH TECHNIQUES

"QUOTATION MARK"
උපුටා දැක්විම් වශයෙන් යෙදෙන වාක්‍ය ඛණ්ඩ කිහිපයක් උපු‍ටාදැක්විම් සලකුනු මගින් ගවේශණය තුලින් අපිට ඒ වාකය ඛණ්ඩ තුනම සම්බනධ කර තොරතුරු ලබාගත හැක 

ex "globle worming""newyork city ""brad pitt"


(PARENTHESES)
වරහන් යොදා අනෙකුත් බුලියන් යොදා තවුරටත් තොරතුරු ගවේශණය කිරිම පහසුවෙන් සහ ඉක්මනින් කරගත හැක එහිදි බුලියන් තර්කනයේ AND, OR යෙදිමෙන් තවදුරටත් මෙය ව්‍යාප්ත කල හැක එමෙන්ම (  ) වරහන් යෙදිමෙන්  සංකල්ප දෙකක් එකට එකතු කර එක සංක්පයක් ලෙස ගත හැක



04ඉගෙනුම් ක්‍රමවේදය-හොදයි

05විස්ථාරණිය තොරතුරු ගවේශණය-
https://prezi.com/kmqexy7kdufg/boolean-operators-using-venn-diagrams/



0 comments:

Post a Comment