Thursday, October 22, 2015

2015-09-26(MULASHA GAWESHANAYA & SAKSHARATHAWA)




WELCOME TO MY PORT FORLIO




Diploma In Information & Information & Communication Technolagy 2015


2015-09-26 ((MULASHA GAWESHANAYA & SAKSHARATHAWA)

01අන්තර්ගතය-

02පුර්ව දැනුම-


03නව දැනුම-

දැනුම පුපුරා යන සමාජයක උත්පාදනය වන දැනුම අඩංගු මාධ්‍ය වලින් අවශ්‍යය නිශ්චිත තොරතුර තිබෙන මුලාශ්‍රය හදුනාගෙන එම තොරතුර ස්වකීය අධ්‍යන්‍ය සහ පර්යේෂණ කටයුතු වලට අවස්ථානුකුලව භාවිතා කිරිම විඥාපන සාක්සරතාව බවට සමස්ථ නිර්වචන ආශ්‍රයෙන් පොදු නිර්වචනයක් ලෙසට දැන්විය හැක

අතිතයේදි සාක්සරතාව ලිවිමට සහ කියවිමට ඇති හැකියාව වශයෙන් හදුනා ගත්තද වර්තමාන ලෝකයේ 
 සාක්සරතාව ලිවිමට සහ කියවිමට පමණක් සිමා නොවි පරිගනක දත්ත පදනම් සහ අන්තර්ජාල ගවේශණය තුලින් අවශ්‍ය තොරතුරු සමුද්‍රණය කරගත හැක

මුලාශ්‍ර  ගවේශණය සාක්සරතාවයේ ප්‍රමුඛ සුථානයක් ගන්නා අතර අධ්‍යන්‍ය සහ ශ්‍රාස්ත්‍රිය කටයුතු වලදි මුලික මුලාශ්‍ර පිළිබදව මනා අවබෝධයක් ලබා තිබිම වැදගත්ය

උදා ශ්‍රිලංකාවේ ඒක පුද්ගල අාදායම විනිමය අනුපාතිකය වාර්ශික වර්ධන වේගය දළ දේශිය නිශ්පාදනය ගෙවුම් ශේෂ ඇතුලත් වන්නේ ශ්‍රිලංකා මහ බැංකු වාර්තාවේය ඒ අනුව ශ්‍රිලංකා මහ බැංකු වාර්තාවට නිළ වශයෙන් නෛතික වටිනාකමක් ලැබෙන අතර එය සාධිකාරිත්වයයි

වැදගත් මුලාශ්‍රයන් කිහිපයක්

01ශ්‍රිලංකාවේ ජනගහන රටාව දිස්ත්‍රික් ජන ව්‍යාප්තියඋපත් හා මරන අනුපාතිකය
පිළිඹදව සංඛ්‍යාලේඛණාත්මක වශ්ලේශණය ඇතුලත් මුලාශ්‍රය   ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ වාර්ශික වාර්තාව



02 විදේශිය රටකට තැපැල් හෝ ගුවන් මගින් යැවිය හැකි භාණ්ඩ සහ ඒ සදහා අය කරනු ලබන මුදල් වර්ග පිළිඹද විස්තරය   SRI LANKAN POSTAL GUIDE



03ඔස්ට්‍රේලියාවෙ මොලැසිස් විශ්ව විද්යාලය මගින් පවත්වනු ලබන පාඨමාලා සහ ඒවායේ ආචාර්ය මණ්ඩලය පිළිඹද විස්තරය   WORD OF LEARNING/COMMOMWELTH UNIVERSITIES FOR YEAR BOOK




04 ලංකාවේ පුස්කොලපොත් ග්‍රන්ථාරුඩය සහ පුස්කොලපොත් සකස් කරිම සමිබන්ධව ඇති මුලාශ්‍ර ග්‍රන්ථය 

ශ්‍රිලංකාවේ මධ්‍යකාලින සිංහල කලාව

05 සිගිරිය පිළිබදව ‍ඓතිහාසික වටිනාකම පැහැදිලි කරමින් සකස්වි ඇති පුරාවිද්යාත්මක වටිනාකමක් ඇති මුලාශ්‍ර ග්‍රන්ථය SIGIRI GRAFATY


06ශ්‍රිලංකාවේ පාසල් සංඛ්‍යාව ගුරු සංඛ්‍යාව පාසල් වර්ග හා ප්‍රාදේශිය ලේකම් කාර්යාල සම්බන්ධ තොරතුරු ඇතුලත් මුලාශ්‍රය ශ්‍රිලංකාවේ පාසල් සංගනනය


07ශ්‍රිලංකාවට ආනයනය නරන ලද හා අපනයනය කරන ලද භාණ්ඩ වල මුලු වටිනාකම වාර්ශිකව ලබා ගැණිම  රේගු වාර්තා


08ශ්‍රිලංකාවේ මහවැලි ව්‍යාපාරය ආරම්භය සහ විකාශය පිළිඹද තොරතුරු ලබා ගැණිම   මහවැලි වංශකතාව


09ශ්‍රිලංකාවේ පැවති අධ්‍යාපන ක්‍රම ඉගෙනුම් ක්‍රම සහ සම්පත් පිළිඹදව සවිස්තරාත්මක තොරතුරු ලබා ගත හැකි මුලාශ්‍ර ග්‍රන්ථය අධ්‍යාපන සියවස


10ලංකාවේ සුප්‍රසිද්ධ ජනනාකයන් ප්‍රභූ වරුන් සහ ඔවුන්ගේ පවුල් විස්තරය ඇතුලත් ප්‍රධාන විමර්ශණ ග්‍රන්ථය 20 TH CENTURY GREAT IMPRESSON IN CYLON











යුනෙස්කෝ සංවිධානය විසින් සාක්සරතාවය ඇති වැදගත්කම පැහැදිලි කරමින් ඉදිරිපත් කර ඇති සංකල්පය (Imformed Socity) දැනුවත් සමාජය යනුවෙන් හැදින්වේ මේ බව තහවුරුකරමින්  (MDG/Milenium Development Goals) යන ප්‍රකාශණයෙහි සැමට ප්‍රාථමික අධ්‍යාපන අවශ්‍යතා ලබාදිම ප්‍රධාන වගන්තියක් ලෙස දක්වා ඇත ඒ අනුව 3R  යනුවෙන් ක්‍රියාකාරි සැලැස්මක් හදුන්වා දි ඇත







 සාක්සරතාවය  සම්බන්ධයෙන් තවත් සංකල්පයක් IRA (INTERNATIONAL READING ASSOSIATION) මගන් ඉදිරිපත් කර ඇත සංවර්ධනය වන රටවල සාක්සරතාවය වර්ධනය කිරීම සදහා මෙ‍ම ජාත්‍යන්තර සංවිධානය මගින් මුදල් ප්‍රතිපාදන ත්‍යාග සහ සම්මන්ත්‍රණ ආදිය පවත්වනු ලබයි 



AMIC (ASIAN MASS INTERNATIONAL COMINICATION)  

 සාක්සරතාවය පිළිබදව කරුනු දක්වන එම සංවිධානය වර්තමාන බහුතර ජනතාවක් දුෂ්‍ය සමාජයක ජිවත් වන නිසා ඔවුන්ගේ සංකල්ප  රුප මැවිම ශක්තිය වර්ධන කිරිමෙන්  තොරතුරු ලබා ගත හැකි බවට දැකගත හැක


 සාක්සරතාවය නිර්වචනයේදි ජාත්‍යන්තර ආයතන සංවිධාන මගින්  ක්‍රියාකාරි සැලසුම් සම්පාදනය කර ක්‍රියාත්මක කරනු සක්නට ලැබේ 
උදා පොදුරාජ්‍ය මණ්ඩලීය අධ්‍යාපන සම්පත් මධ්‍යස්ථානය

සාක්සරතාවය වර්ධනය කිරිම සදහා විවුත පාසල් සංකල්පය හදුන්වාදෙන ලදි 




සාක්සරතාවයේ ප්‍රබේද

සාක්සරතාවය පොදුවේ ගත් කල එහි ප්‍රභේද ගණනාවක් ඇත එම ප්‍රභේද හදුනාගන ඒවායේ ඇති වැදගත්කම සහ භාවිතය  පිළිබදව කරුනු හැදැරීමවැදගත්ය  වර්තමාන සාක්සරතාවය පහත සදහන් අංගයන්ගෙන් සමන්විතය

01භාෂා සාක්සරතාවය
02පරිගණක සාක්සරතාවය
03මූල්‍ය සාක්සරතාවය
04මාධ්‍ය සාක්සරතාවය
05විඥාපන සාක්සරතාවය
06සංස්කෘතික සාක්සරතාවය
07ජීවන කුසලතා සාක්සරතාවය


01භාෂා සාක්සරතාවය
ස්වකීය මව් භාෂාවට අමතරව තවත් විදේශිය භාෂාවක් හෝ දෙකක් පිළිබදව නිපුනතාවයක් ලැබීම වර්තමාන 
සාක්සරතාවය මනින වැදගත් අංගයක් බවට පත්ව ඇත 
උදා ජාත්‍යන්තර සංක්‍රමනික මධ්‍යස්ථානය විසින් විදේශිය රැකියා අපෙක්ෂාවෙන් සිටින අයගේ භාෂා නිපුනතාවය මූලික සුදුසුකමක්  ‍ලෙස පිළිගෙන ඇත


02පරිගණක සාක්සරතාවය

අන්තර් ජාලයේ තොරතුරු ගවේශණයට මෙන්ම විද්‍යුත් තැපතල් යවා  ක්ෂණික පනිවඩ හුවමාරුවකට මෙන්ම 
පරිගණක ආශ්‍රයෙන් ශනිදර්ශණයක් (DEMOSTRATION) තොරතුරු ගබඩා කරනයට  දත්තපදනම් බිහි නිරිමට පරිගණක සාක්සරතාවය ඉවහල්වේ


03මූල්‍ය සාක්සරතාවය

මූල්‍ය සාක්සරතාවය යනු වදේ විනිමය අනුපාතිකයන් මූල්‍ය වාර්තා සටහන්  විගණන වාර්තා සහ මූල්‍ය රෙගුලාසි පිළිඹදව දැනුමක් තිබීමත් එම දැනුම යාවත් කාළින කරගැණිමෙන් වෙළදපොල තත්වයන් අධ්‍යනය කිරිමේ හැකිවීම මූල්‍ය සාක්සරතාවය ප්‍රධාන ලක්ෂණයයි



04මාධ්‍ය සාක්සරතාවය

මාධ්‍ය සාක්සරතාවය යනු මුද්‍රිත විද්‍යුත් ගවන් විදුලි රූපවාහානි විකාශය වන වැඩසටහන් අතුරින් ස්වකිය අධ්‍යන සහ පරියේෂණ කටයුතු වලට අනශ්‍ය තොරතුරු පමණක් නිශ්චිතව ගැණිම මාධ්‍ය සාක්සරතාවයයි ගවේශණ ශීලි වාර්තාකරනය මාධ්‍ය සදාචාරය මාධ්‍ය හැසිර වීම මාධ්‍යයේ බලපෑම ජනමතය හැඩ ගැඩ ගැස්වීම මතිමතාන්තර ප්‍රචාරනය යන කරනු වලදී මාධ්‍ය සාක්සරතාවය හැසිරවිය යුත්තේ කෙසේද  පිළිඹදව රටක ස්ථාපිත වි ඇති මාධ්‍ය ආයතන විසින් කොතෙක් දුරට සිදුවී ඇත්ද යන්න සලකා පැලීම වැදගත්ය ශ්‍රි ලංකාවේ මානව හිමික් කොමිසම පුවත්පත් පැමිණිලි කොමිසම බුද්ධිමය දේපල සංග්‍රහ කාර්යාලය සහ මාධ්‍ය අභ්‍යාස ආයතනය මාධ්‍ය සාක්සරතාවය පිළිඹදව කාර්යන් රැසක් ඉටු කර ඇතත් මාධ්‍ය ආයතන හිමිකරුවන්ගෙන් 
පුද්ගලික අභිලාෂයන් ඉස්මතුවීමත් වානිජ පරමාර්ත වලට මුල් තැන දිමත් දක්නට ලැබේ 


05විඥාපන සාක්සරතාවය
අවශ්‍ය තොරතුර අවශ්‍ය වේලාවේදි  එම මූලාශ්‍රයෙන් ලබා ගැණිම විඥාපන සාක්සරතාවයයි



සාක්සරතා මොඩියුල 
සාක්සරතාවය පිළිබදව ආකෘති සහ මොඩියුල ගණනාවක් ජාතියන්තර සංවිධාන සහ පර්යේෂණායතන විසින් හදුන්වාදී ඇත එම මොඩියුල අධ්‍යනය කිරිමෙන් සාක්සරතාවය පිළිබදව ඇති වැදගත්කම අවබෝධ කරගෙන ඇත එහි පළමු මොඩලය PLUS
P-Perpose              අරමුණ
L-Location            ස්ථානගත වීම
U-Use                     භාවිතාව
S-Self evaliation    ස්වං ඇගයීම


SMART
S-Specific               සුවිශේෂි
M-Mesarable          මිණිය හැකි
A-Appropriate        උචිත/අදාල
R-Relavant             සම්බන්ධ
T-Time                   කාලය

සාක්සරතාවයේදි මෙම මොඩියුලය භාවිතා කිරිමෙන් ආයතනයක් සංවිධානයක් හෝ පුද්ගලයකු විසින් කරන ලද ක්‍රියාකාරකම් පිළිබදව ප්‍රතිචාර ලබා ගැණිමත් එම ප්‍රතිචාර සදහා විකල්ප විසදුම් යොදා ගැණිමත් අතිතයේ සිදුවු ක්‍රියාවලින් ආවර්ජනය කිරීමත් ඒවා නිවරැදි මාර්ගයට ගැණිමත් ප්‍රත්‍යාවේක්ශණය නමින් හැදින්වේ

සාක්සරතාවය යනු හුදෙක් දැනුම ලබා ගැණිම පමණක් නොව ඒවා භාවිතා කර නවතම නිර්මාණ කිරිමත් අදහස් වේ



PFUSE
P-Preparing            සකස්කිරිම
F-Finding                සොයාගැනිම
U-Use                       භාවිතාව
S-Shearing              බෙදාගැනිම
E-Evalivation         ඇගයීම


සාක්සරතා මොඩියුල අධ්‍යනයේදි පරිගණක තාක්ෂණය ගැන විශේෂ අවධානයක් යොමු කරමින් මෙම මොඩියුලය සකස්කර ඇත පරිගණකභාවිතයේදි අදාල තොතුර හුවමාරුකර ගැණිම දත්ත සංක්‍රමණය යනුවෙන් හැදින් වේ පරිගණක ජාල පද්ධතින් වල ප්‍රතිඵලයක් වශයෙන් විවෘත මෘදු කාංග සම්පාදනයට ඉඩ කඩ ලැබි අතර නිදහසේ පරිගණක වැඩසටහන් බාගත කිරිම හැකියාවක් ඇත







සාක්සරතාවයේ වැදගත්කම

*කිසියම් ගැටලුවක් අධ්‍යනය කාරිමට සතුටුදායක විශ්වාසදායි තොරතුරු සුලභතාවය
*ඒකරාශි කරනලද තොරතුරු වලින් විකල්ප විසදුම් හරහා ගැටලුවක් නිරාකරණය කර ගැනිමට හැකිවීම
*නවතම දැනුම උත්පාදනය කිරිමට මුලාශ්‍ර ගවේශණය තුලින් හැකියාවක් ලැබීම
*ප්‍රාථමික සහ උසස් අධ්‍යාපන සිසුන්ගේ විශය දැනුම විශ්ලේශණාත්මකව අධ්‍යනය කර අධ්‍යාපන ව්‍යාප්තිය සදහා යොදා ගැනිම
*දැනුම හා තොරතුරු විශ්ලේෂණය කරමින් අවශ්‍ය අවස්තාවන්හිදි ශ්‍රාස්ත්‍රිය කටයුතු සදහා යොදා ගැ'නිම

*සාක්සරතාවය තුලින් පුද්ගලයාගේ දැනුම වර්ධනය කර අන් අයගේ ප්‍රයෝජනය සදහා ඒවා වාර්තාකරනයට ලක් කිරිම
*ස්වයං අධ්‍යන කටයුතු තාක්ෂණ උපක්‍රම භාවිතා කරමින් අඛණ්ඩව කරගන යාමට හැකියාවක් ලැබීම
*පරිගනක වෙබ් බේස් අාධාරයෙන් දුරස්ථඅධ්‍යාපන කටයුතු මැනවින් කර ගැනිමට හැකිවිම 
*සාක්සරතාවය තුලින් දැනුවත් සමාජයක්  බිහිකරලිමටත් ඒ තුලින් දැනුවත් සමාජයක් බිහිකරලිමටත් ඒ තුලින් යහපත් පාලනයක් උදාකරලිමටත් හැකියාවක් ලැබීම


සාක්සරතාවය තුලින් පුස්තකාල සේවාවේ වර්තමාන ප්‍රගතියේ ප්‍රධාන කොටස් 03 කි
01Digital Libarry Service(data centors)
02Hybrid Libarry Service
03Virtual (අත්‍යන්ත පුස්තකාල)

සාක්සරතාවය වර්ධනය කිරිම තුලින් වර්තමානයේ ඇතිවි තිබෙන නවතම සංකල්පයක් වනුයේ impormatin for development යන්නයි ඒ අනුව ලෝකයේ රාජ්‍යයන් විසින් නිදහසේ කිසිදු බාධාවකින් තොරව තොරතුරු හුවමාරුවට සහ සංක්‍රමන අත්‍යවශ්‍ය බවට සදහන්කර තොරතුරු දැනගැණිමේ අයිතිය රටවල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මූලික මිනිස් අයිතිවාසිකමක් ලෙස සදහන් කර ඇත




04ඉගෙනුම් ක්‍රමවේදය-

05විස්ථාරණිය තොරතුරු ගවේශනය-wka;racd,h
























































0 comments:

Post a Comment