Sunday, October 18, 2015

2015-10-03 (IMFORMATION LITERACY & independan learning)

 WELCOME TO MY PORTFORLIO






Diploma In Information Literacy and Information 
& Communication Technology 2015



Imformation Literacy2015/10/03)

01අන්තර්ගතය-
   තොරතුරු සාක්ෂරතාව  තොරතුරු අවශ්‍යතාව පැන නැගීම සහ ස්වාධීන ඉගෙනුම් ක්‍රමය
02පූර්ව දැනුම-


03නව දැනුම-



තොරතුරු සාක්ෂරතාව යනු කුසලතා පද්ධතියකි මෙම පද්ධතියට පුද්ගලයකු විසින් වර්ධනය කළ යුතු 
විශේෂ හැකියාවන් අයත්වේ එනම් තොරතුරු අවශ්‍යතාවක් ඇතිවු බව හදුනා ගැණීම එම තොරතුරු ලබා 
ගන්නේ කොහෙන්ද යන්න සොයා ගැණීම එසේම ඒවා කුමන ආකාරයෙන් ලබාගත යුතුද යන්න ලබාගත් එම
 තොරතුරු ඇගයීමකට ලක්කරන්නේ කෙසේද යන්න දැන ගැනීම සහ ලබාගත් එම තොරතුරු කෙසේ
 පාවිච්චිකරන්නේද දැන ගැනීමය
(මෙම විග්‍රහය ඇමරිකානු පුස්ථකාල සංගමය මගින් ඉදිරිපත් කර ඇත)

තොරතුරු සාක්ෂරතාව යනු පහත දැක්වෙන කාර්යයන් කිරිම සදහා 
කෙනෙක් තුල ඇති කුසලතාවයන්ය

01අවශ්‍යතාව හදුනා ගැණිම (IDENTIFY)
02 තොරතු තිබෙන ස්ථානය සොයා ගැණිම(LOCATE)
03ඇගයීමකට ලක් කිරිම(EVALUATE)
04සංවිධානය කිරිම(ORGANIZE)

සහ මෙලෙස ලබාගත් තොරතුරු නිසි ආකාරයට පාවිච්චි කිරිම  ඒ තුලින්

01 යම්කිසි දැනුම් ඒකකයක් නිර්මාණය කිරිම
02 තවත් කෙනෙකුගේ ප්‍රයෝජනය සදහා සන්නිවේදනය කිරිම
(මෙය UNESCO ව විසින් 2013 ඉදිරිපත් කරනලදි)

තොරතුරු අවශ්‍යතා යනු කුමක්ද?

01 තොරතුරු අවශ්‍යතා විග්‍රහය
02 තොරතුරු අවශ්‍යතා ප්‍රාරම්භය
03 තොරතුරු අවශ්‍යතා වර්ග සහ එහි ස්වභාවය
04 ඒ සදහා බලපාන සාධක
05 තොරතුරු අවශ්‍යතා සාක්ෂාත් කරගන්නා ආකාරය
06 තොරතුරු  කරා ප්‍රවිශ්ඨ වන ආකාර සහ විවිධ මාර්ගයන්
07 තොරතුරු සක්‍යතාවය






තොරතුරු විග්‍රහ කිරීමේදි පහත දැක්වෙන ලක්ෂණ අවධාරනය කළ යුතුය

01 කෙනෙකුට අවශ්‍ය තොතුරක් ලබා ගැණිමෙදි සමාන තොරතුරු ගොන්නකින් අවශ්‍ය තොරතුරු පමනක් මුදා ගත හැක(information can be DERIVED)

02 තොරතුරු වෙනත් කෙනෙකුට ලබා දිය හැක(information is CONVEYED)

03තොරතුරු  යනු පනිවිඩයකි(information is MESSAGE)

04 තොරතුරු යන්න ඍජු වශයෙන් හෝ වක්‍ර වශයෙන් නිරික්ශණය කළ හැක(imformation is directly or indirectly OBSERVE)

05 තොරතුරු  යන්න අවබෝධ කළ හැක(imformation is OBSERVED)

06 තොරතුරු යන්න ගොඩනගාගත හැක(information can be CONSTRCTED)

07 තොරතුරු අපට කැමති විදියට කේත ගත කළ හැක(information can be ENCODED into varius forme)

08 තොරතුරු අපට කැමති විදියට සම්ප්‍රේශණය කළ හැක(information can be TRANSMITTED)

09 තොරතුරු විවිධාකාරයෙන් හදුන්වා දිය හැක


එනම් මේ සියලු ලක්ෂණ සමග තොරතුරක් ක්‍රියා කරන්නේ අවිනිශ්චිත බාවයෙන් නිශ්චිත බාවය
 දක්වා ගමන් කිරිමටය

මෙලෙස තොරතුරු වල වටිනාකම වෙළද භාණ්ඩයක් ලෙස වත්කමක් ලෙසද නිශ්පාදන ක්‍රියාවලියට

අත්‍යවශ්‍ය සාධකයන් ලෙසද ද්‍රරිද්‍රතාවය දුරු කිරිම සදහා අවශ්‍යවන එක් නිර්ණායකයක් ලෙසද

යාවඡීව ඉගෙනිම සදහා අවශ්‍යවන වැදගත් සම්බන්ධීකාරකයක් ලෙසද හදුනා ගත හැක




















තොරතුරු අවශ්‍යතා ගොඩනැගෙන ආකාරය

තොරතුරු අවශ්‍යතා බොහෝවිට ගොඩනැගෙන්නේ මුලික අවශ්‍යතා පදන් කරගෙනය

01 ජීව විද්‍යාත්මක අවශ්‍යතා(physiological needs.,Food,Shelter,Medicine)

02 මනෝවිද්‍යාත්මක අවශ්‍යතා(Psycological needs.,Domination,Sequrity,Self Confidence Competition.Status maintenace) 

03 සංජානන අවශ්‍යතා(cognitive needs.,Learning,Adopt,Plan,Desing)


ඉහතකී මූලික අවශ්‍යතා 03 මත පැන නගින තොරතුරු අවශ්‍යතාද එම අවශ්‍යතා ගොඩනැ‍ගෙන ආකාරය අනුව අනුව වර්ග කළ හැක

එනම්

01ප්‍රකාශ කරන ලද(Expressed needs)

02ප්‍රකාශ නොකරන ලද(Unexpressed needs)

03දැනුවත් නොවු(Dormant needs)



එසේම මෙම මානසික තත්වයට අමතරව ක්‍රියාත්මක භාවය දෙස බලන විට තොරතුරු අවශ්‍යතා ප්‍රධානකොටස් 05 කට බෙදිය හැක


පැන නගින තොරතුරු අවශ්‍යතා පහත පරිදි වර්ග කෙරේ

01 අත්‍යවශ්‍ය තොරතුරු(Essential)

02 කාර්‍යය මත පදනම්වු(Task based)

03 යම්කිසි අරමුණක් මත පදනම්වු(Target based)

04 හදිසි තොරතුරු(Incidental)

05 යාවජීව තොරතුරු(Life long)



සමාජයේ පැන නගින තොරතුරු අවශ්‍යතා වර්ග


*කෘෂිකාර්මික තොරතුරු

*අධ්‍යාපනික තොරතුරු

*රාජ්‍ය‍ තොරතුරු

*පෝෂණ සේවා

*කාර්මික සහ කර්මාන්ත සම්බන්ධ තොරතුරු

*නිතිමය තොරතුරු

*පලාත්පාලන ආයතන සම්බන්ධ තොරතුරු

*වෙළදපල තොරතුරු

*දේශපාලන තොරතුරු

*විනෝදාශවාදය සහ ආගමික තොරතුරු

*ස්වං රැකියා සහ පුහුණු කටයුතු

*කාලගුණික ස්වභාවික විපත් සම්බන්ධ තොරතුරු



ඉහත කී විවිධ වර්ගවල තොරතුරු  ඉල්ලුම් කිරීමේදි පහත දැක්වෙන

කරුනු ඒ සදහා බලපා ඇත


01 කෙනෙකුට එළඹිය පරාසයක පවතින තොරතුරු

02 යම් තොරතුරක් පාවිච්චියෙන් ලැබෙන ප්‍රථිඵල පිළිබදව දැනුවත් භාවය හෝ සහතික බව

03 එකිනෙක පුද්ගලයාගේ වට පිටාව දැනුම් මට්ටම කුසලතා ආදිය





ස්වාධීන ඉගෙනුම් ක්‍රමය(Independing Learning)





 


ස්වයං අධ්‍යනය  යන්න නිර්වචනය කිරිමේදි පහත දැක්වෙන කාරනා

සැලකිල්ලට ගත යුතුය


01ස්වයං අධ්‍යනයේ යෙදෙන්නන් තමා විසින්ම තමාගේ ඉගෙනුම් දිශාව තීරණය කොට ගත යුතුය මෙහිදී 

  ස්වයං උපදේශකත්වය තමා විසින්ම සකසාගත යුතුය  (Self Direction & Guide)




02ස්වයං අභිප්‍රේරණයක් තිබිය යුතුය(Self Motivated)




03ස්වයංපාලනයක් තිබිය යුතුය(Self Controlled)



04ස්වයංනියාමනයක් තිබිය යුතුය(Self Monitered)



05ස්වයංඇගයීමකට ලක් කළ යුතුය(Self Evaluated)


06ස්වයංප්‍රත්‍යාවේක්ශණයක් තිබිය යුතුය(Self Reflected)





ස්වයං අධ්‍යනය ලෙස හදුන්වනුයේ කෙනෙක් විසින් තමාගේ අධ්‍යන්‍ය කටයුතු පාලනය කර ගැණිම තමා 

විසින්ම  උපදේශණය කොට ගනිමින් ඉගෙනුම් ක්‍රියාවලිය සංවිධානය කර ගැණිම අවශානයේ තම

ඉගෙනුම් ක්‍රියාවලිය නිසි ලෙස සම්පූර්ණ කර ගැණිමයි මෙහිදී අධ්‍යන්‍ය කටයුතු කරන්නා ස්වයං

අභිප්‍රේරණය තුලින් එම අධ්‍යන්‍ය කටයුතුවල නිරත වන අතර තම ඉගෙනුම් ක්‍රියාවලියේදි  එම

 අධ්‍යන්‍ය ක්‍රියාදාමය කොටස් ලෙස බෙදා වෙන්කර ගනිමින් එම ක්‍රියාදාම කොටස් ඇගයීමකට හා

 ප්‍රත්‍යාවේක්ශණයකට ලක්කරමින්  ඉගෙනුම් ක්‍රියාවලිය සම්පූර්ණ කර ගනි මෙම ක්‍රියාවලියේදී සමහර විට

 උපදේශකයින් මැදිහත්කරුවන් පහසුකම් සලසන්නන් ලෙස උදව්කරගතහැක





ස්වයං අධ්‍යනය සදහා උප‍යෝගි කරගත හැකි ක්‍රම උපාය මාර්ග



01 Process Charting

02 Project Planing 


03 Network Planing

04 Mind Mapping








04ඉගෙනුම් ක්‍රමවේදය-fydohs


05විස්ථාරණිය තොරතුරු ගවේශනය=wka;racd,h










0 comments:

Post a Comment